නැද්ද ඔබ හට හිතක් පපුවක්,
කපන්නේ, නසන්නේ
ඔහොම බිම දමන්නේ
අපේම තුරුලතා නේද ඔය?
සිඳින්නා: තුරු ලතා තියෙන්නේ
නොම කපා - බල බලා
කිසිම වැඩකට නොගෙන
මැරි මැරී යන්නට ද
මේ වනය බිම දමමු
කොට වලට මිල කරමු
ජීවිතය, නිල් තරු පිරුණු ගන අහස යටින් ගලා බස්නා සුන්දර නදියකි. විටෙක එහි බාධකද හමු නොවන්නේ නොවේ. එකී බාධක නිසාම ඒ නදිය තව තවත් සුන්දරව ගලා යයි. නිල් තරු කැට වලින් වැටෙන රන් පැහැ ඟගදිය තව තවත් ඔප් නංවයි.
උපතේ සිට මියෙන තුරුම අපි මේ නොහිමි දිවිය ගත කරන්නෙමු. ඒ අතරතුර ඔබ විසින් මානවයා උදෙසා, මානව පැවැත්ම උදෙසා ඉටුකල යුතු කෙරුම් රැසකි. ඒ සියල්ල අතර ඔබ මේ මිහිතලය තුල තමා ජීවත් වන බව නොඑසේ නම් සොබා දහමේ අපූර්වත්වය මැද ජීවත් වන බව වටහා ගත යුතුය.
තාර දාපු දූවිලි පොදි
ගුරු පාරට තනි රකිනවා
හෙන්දිරික්කා මල් නැති සද
තුත්තිරි තණකොළ පිපෙනව
නාටු ගැහුණු ඉපල් ගහණ
කොළ නැති අතු පණ අදිනව
ඇල් ගොයමේ සිහිල පතා
Page 1 of 4